27.2 C
Galle

ෂාෆ්ටර්ගේ දේහය යළි භූමදානයට අවසර

Published:

නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විමර්ශනය සඳහා යොමුකරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර නැවත භූමදාන කිරීමට අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අවසර දුන්නාය.

මියගිය ෂාෆ්ටර්ගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිල දී ගෙන තිබෙන භූමි කොටසක ඔහුගේ දේහය භූමදාන කිරීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර දී තිබේ.

පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ. මෙම පරීක්ෂණය ලබන 31 වැනි දා නැවත කැඳවීමට ද නියෝග කර තිබේ. එදින පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!