29.4 C
Galle

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන වේලාසනින් ම කියයි

Published:

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයතු 26 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතය. දින 06ක් එම ඇගයීම් කටයුතු පැවැත්වෙන බවත් ඉන් පසු අවශ්‍ය ලේඛන සැකසීමෙන් අනුව දින 45ක දී ප්‍රතිඵල නිකුත් කළ හැකි බවත් හෙතෙම කීවේය.

ඊයේ (15) පැවැත් වූ මෙම විභාගයේ සියලු පිළිතුරු පත්‍ර රටපුරා පිහිටි ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මගින් අද (16) උදෑසන වනවිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!