28.3 C
Galle

IMF වෙතින් තවත් ඩොලර් මිලියන 330ක් ලැබෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් එකඟතා පිළිබඳ සිදුකළ පළමු සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660කි.

Related articles

spot_img
error: Content is protected !!