28.3 C
Galle

සමාජ මාධ්‍ය නියාමනයට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Published:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීම අවසන්ව ඇතැයි වාර්තා වේ.

ඊයේ (19) රාත්‍රී මෙම කටයුතු අවසන් කළ බවත්, ඒ සම්බන්ධ රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත සහ ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතය.

මෙම පෙත්සම් විභාග කරන ලද්දේ ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුල යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

Related articles

spot_img
error: Content is protected !!