27.2 C
Galle

මීරියබැද්ද යළි නායයන ලකුණු. පවුල් රැසක් ඉවත්කරයි

Published:

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නැවත නාය යාමේ අවදානමක් හටගෙන ඇති බැවින් නිවාස කිහිපයක පදිංචිකරුවන් වහාම ඉවත්කර, පාසල් ගොඩනැගිල්ලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වසා දැමූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ.ප්‍රියංගනී කීවාය.

2014 වර්ෂයේ දී මීරියබැද්දේ සිදු වූ නාය යාම මෙරට මෑත කාලීනව සිදුවූ විශාලතම නාය යාමක් ලෙස සැළකේ. එ‍ම නාය ගිය ස්ථානය දෙපස තවත් විශාල භූමි ප්‍රමාණයක් නාය යාමට ඉඩ ඇති බව හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නේ එම ස්ථානය ස්ථිර වශයෙන් ම භාවිතයෙන් ඉවත්කරන බවයි. එබැවින් මෙවර නිවැසියන් ඉවත් කළේ තාවකාලිකව නොවන බව ද ඇය කීවාය.

වතු නිවාස පේළි දෙකක පවුල් 33ක් මෙලෙස ඉවත්කර ඇත.

මේ අතර ජාතික ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ මීරියබැද්ද මාර්ගය ද භාවිතා කිරීම අවදානම් බවයි.

Related articles

spot_img
error: Content is protected !!