28.3 C
Galle

පෙර සූදානමින් ජීවිත රැකෙයි. මීරියබැද්ද යළි නාය යයි

Published:

කොස්ලන්ද, මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානයේ අද (22) අලුයම නැවත නායයාමට පටන්ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි.

එම ස්ථානයේ පිහිටි වතු නිවාස පේළි දෙකකට ඉහළ කොටසේ මෙම නායයාම සිදුවෙමින් පවතී. කන්දේ කොටස් ටිකෙන් ටික කඩා වැටෙමින් තිබේ.

මෙම තත්වය කල්වේලා ඇතිව හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (21) උදෑසන වනවිට පදිංචිකරුවන් ඉවත්කිරීමට කටයුතු කර තිබිණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ අද අලුයම සිට මේ වනවිට අක්කර දෙකක පමණ ප්‍රදේශයක් නාය යාමට ලක්ව ඇති බවයි.

මීරියබැද්ද වතුයායේ මේ ස්ථානයේ ම 2014 වර්ෂයේ සිදු වූ නායයාම මෑතකාලීනව මෙරට සිදු වූ විශාලතම නායයාමක් ලෙස සැළකේ.

Related articles

spot_img
error: Content is protected !!