27.8 C
Galle

වෛද්‍ය සැපයුම් නවතී, වෙබ් අඩවියේ බිඳවැටීමක්

Published:

වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වූ ඇතැයි වාර්තා වේ.

මෙම වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ පිළිබඳ දත්ත යාවත්කාලීන කිරීම, ඖෂධ ඇණවුම් කිරීම සහ නිකුත් කිරීම යන සියලුම කාර්යයන් ඇණ හිට තිබේ.

දැනට පැය ගණනාවක සිට මෙම බිඳ වැටීම සිදුව ඇති අතර වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ එම වෙබ් අඩවියට සිදුව ඇති දෙයක් ගැන දැනගන්නට නැති බවයි.

රෝහල්වල ඇති ඖෂධ පිළිබඳ සහ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ තොරතුරු පවා මෙම වෙබ් අඩවියේ අඩංගුවන අතර පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රෝහල්වල ඇති ඖෂධ තත්වය පිළිබඳ ජනතාව දැනගෙන සිටිය යුතු බැවින් එම දත්ත සාමාන්‍ය ජනතාවට දැකගත හැකි ආකාරයෙන් ප්‍රදර්ශනය කළ යුතු බවයි.

ඒ අනුව mst.gov.lk නමැති වෛද්‍ය සැපයුම් අංශයේ නිල වෙබ් අඩවියේ තොරතුරු සාමාන්‍ය ජනතාවට ද ලබාගත හැකි ආකාරයෙන් යාවත්කාලීන කර තිබුණ ද අද (01) අලුයම සිට වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම ක්‍රියාවිරහිත වී පවතී.

Related articles

spot_img
error: Content is protected !!