29.8 C
Galle

පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

Published:

පකිස්ථානයේ වයඹදිග ඛයිබර් පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ කොහාට් නගරයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් පස් දෙනකු සිටින බව බලධාරීන් සඳහන් කර ඇත.

පොලිස් මූලස්ථානයක් පිහිටි පරිශ්‍රයක තිබූ පල්ලියක සිකුරාදා යාඥා පැවැත්වෙමින් තිබියදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පරිශ්‍රයේ බාහිර බිත්තියේ ගැටීමෙන් ප්‍රහාරය සිදුව ඇති බව පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් මහතා ප්‍රකාශ කර තිබේ. අනතුරුව සන්නද්ධ ප්‍රහාරකයන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇත.

ප්‍රහාරයෙන් පසු ගොඩනැගිලිවල කොටස් කඩා වැටී ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ. ප්‍රහාරයට සම්බන්ධ වූ සන්නද්ධ පුද්ගලයන් කිහිපදෙනකු සමඟ ආරක්ෂක අංශ ගැටී ඇති අතර, ප්‍රහාරකයන් හත්දෙනකු මියගිය බව පසුව වාර්තා වී ඇත.

මේ වනවිට කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත. කෙසේ වෙතත්, පකිස්ථානයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් මෑත මාසවල සිදුවූ ප්‍රහාර හේතුවෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව එරට තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ශෝකය පළ කරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!