27.8 C
Galle

ගුරු භික්ෂුව, සිසුවෙකුට හම යන්න ගහලා

Published:

මිද්දෙණිය මහා විද්‍යාලයේ උගන්වන භික්ෂුවක විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පාසල් සිසුවකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

එම දරුවාගේ මව පවසන්නේ පසුගිය සතියේ ද මෙම භික්ෂුව තම පුතාට තුවාලවන තුරු පහර දී තිබූ බවයි. එම අවස්ථාවේ දී භික්ෂුවට කතා කර දඩුවම් කළාට ගැටලුවක්ක නැතැයි ද හම ගහන්න එපා යැයි ඉල්ලීඹක් කළ බව මව පවසයි. නමුත් පසුගිය සිකුරාදා එම භික්ෂුව විසින් සිසුවාට පහරදීම හේතුවෙන් හම පවා ගැලවී ගොස් ඇතැයි මව, මිද්දෙණිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!