27.8 C
Galle

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙනස් වෙයි ?

Published:

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න වෙනුවට වෙනත් ලේකම්වරයකු පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම වෙනස් කිරීම ලබන ජනවාරියේ සිට සිදුවීමට නියමිතය.

කමල් ගුණරත්නගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවේ දී ද දැඩි විවේචනයට ලක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියා සිටියේ ඔහු ආරක්ෂකයන් සහ සුනඛයන් පිරිවරාගෙන නිදහස් චතුරශ්‍රයේ ව්‍යායාම කරන බවයි. මේ බව අනාවරණය කිරීමෙන් පසු තමන්ට ජීවිත තර්ජන පවා එල්ල වූ බව මන්ත්‍රීවරයා‍ චෝදනා කළේය.

ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කමල් ගුණරත්නගෙන් බලපෑම් එල්ලවන බව අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Related articles

spot_img
error: Content is protected !!