27.8 C
Galle

“මීජවුම්” සුළි කුණාටුවෙන්, රටට ම වැසි

Published:

“මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි පතිත වෙමින් තිබේ. ඊයේ (03) සුළි කුණාටවේ කේන්ද්‍රය යාපනයේ සිට කිලෝ මීටර 35ක් පමණ ඊසාන දෙසින් පැවති අතර එය තවදුරටත් වර්ධනය වෙමින් බෙංගාල බොක්කේ වයඹ දෙසට ගමන් කරමින් පවතී. ඒ අනුව සුළි කුණාටුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් පවතී.

හෙට (05) වනවිට සුළි කුණාටුව උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කරන අතර දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවීමට ද නියමිතය.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුර, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල විටින් විට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි අතිවිය හැකි අතර අනෙක් ප්‍රදේශවල ද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Related articles

spot_img
error: Content is protected !!