26 C
Galle

මීතොටමුල්ල, යළි නායයයි ද ?

Published:

මීතොටමුල්ල කුණු කන්ද යළි කඩාවැටීමේ අවදානමක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.

එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබුනද එම කටයුතු බාර ගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැත.

පුද්ගලයන් 30 දෙනකුට දිවි අහිමිකරමින් සහ පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කරමින්න් මීතොටමුල්ල කුණු කන්ද 2017 වර්ෂයේ කඩා වැටුණු අතර මෙතෙක් එය ප්‍රයෝජනට ගැනීමක් සිදුකර නොමැත.

හෙක්ටයාර් අටක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48කි

කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් තිස් තුනක් දක්වා අඩු කර තිබෙන බවත් කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කීපයක් සිදු කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබුණ ද කිසිදු සංවර්ධන කාර්යයක් එහි ආරම්භ කර නැත.

මෙම භූමියේ සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අවදානය යොමුව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!