28.1 C
Galle

ගුරු-විදුහල්පති උද්ඝෝෂණය, දුරදිග යන ලකුණු

Published:

ගුරු, විදුහල්පති උද්ඝෝෂණය හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට සම්පූර්ණයේන ම අවහිර වී තිබේ.

අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙසත්, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වෙයි.

මෙම උද්ඝෝෂණය මගින් මහජන පීඩාවක් ඇතිවීම වැළක්වන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන්ට නියෝගයක් ද නිකුත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද (05) කාර්යාල දිනයක් බැවින් ජනතාවට අපහසුතාවක් ඇතිවිය හැකියැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ගුරු විදුහල්පති සමිති සන්ධානයේ ලේකම් ජෝසප් ස්ටාින්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අතුළු 08 දෙනකු වෙත එම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

පොලිසිය ද ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානමින් මෙම ස්ථානයේ දැඩි රැකවල් යොදා ඇති අතර පොලිස් නිලධාරියකු අත අධිකරණ නියෝගය ද තිබෙන බව මාධ්‍යවේදීහු කියති.

Related articles

spot_img
error: Content is protected !!