27.4 C
Galle

භික්ෂුවක් දියණියට ලිංගික අතවර කරද්දී, දෙමාපියන් උදව් කරලා

Published:

දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව බාලවයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක්කළ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අප‍යෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

මෙම භික්ෂුව පෙර වැඩවිසූ දහම් පාසලේ උගන්වද්දී ‍අදාළ දැරිය සමඟ සම්බන්ධතා පවත්වා ඇති අතර පසුව වෙනත් විහාරස්ථානයකට ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. එසේ වෙනත් විහාරස්ථානයක සිටිය දී දැරියගේ නිවසට නිතර නිතර පැමිණෙන බවත් දෙමාපියන්ගේ අනුදැනුම මත දැරිය අපයෝජනයට ලක්වන බවටත් අසල්වැසියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු අදාළ භික්ෂුව සහ දෙමාපියන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර භික්ෂුවගේ වයස අවුරුදු 21ක් බවත් ඔහු සහ එම අතවර සිද්ධියට ආධාර අනුබල දුන් දෙමාපියන් අධිකරණයට අද (05) ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

ලිංගික අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!