27.5 C
Galle

පෝලන්ත තරුණියන්ට අතවර කළ, භික්ෂුව අධිකරණයට

Published:

පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනකු විහාරස්ථානයට කැඳවා අතවර කළ බව කියන බෞද්ධ භික්ෂුවක් අද (06) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හපුතලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුතලේ විහාරස්ථානයක වැඩ සිටි 18 හැවිරිදි භික්ෂුවකි.

මෙම විහාරස්ථානය අසළින් ගමන් කරමින් සිටි පෝලන්ත ජාතික 26 හැවිරිදි තරුණියන් දෙදෙනකුට ඊයේ (05) කතා කළ සැකකාර භික්ෂුව ඔවුන්ට විහාරස්ථානය නැරඹීමට පැමිණෙන්න යැයි ආරාධනා කර ඇත. විහාරස්ථානයේ ස්ථාන කිහිපයක් ඔවුන්ට පෙන්වූ භික්ෂුව එක් තරුණියක් විහාරස්ථානයේ දේවාලයකට කැඳවා අතවර කළ බව එම තරුණිය හපුතලේ පොලිසියට ඊයේ (05) කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගත් සැකකාර භික්ෂුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!