25.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 7,067ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 700ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 03ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,703ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 140
  • වින් ෆොර්ස් සමාගම රුපියල් මිලියන 106
  • එක්ස්පෝ ලංකා සමාගම  රුපියල් මිලියන 43

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • වින්ෆෝර්ස් සමාගම මිලියන 5.4
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 2.3
  • අමානා බැකුව කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • යුනියන් ෆිනෑන්ස් සමාගම 14%
  • මැක්වුඩ් එනර්ජි සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • වින්ෆොර්ස් සමාගමේ කොටස් මිලියන 05ක් රුපියල් 19.50 බැගින්
  • ජෝන් කීල්ස් සමාගමේ කොටස් 473,000ක් රුපියල් 193.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 179

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 174ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 50ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 124ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 125
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 16
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • යුනියන් ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 38
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 02
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!