30.5 C
Galle

නිවුන් බිළිඳුන් 25,000 බැගින් විකුණලා

Published:

නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකුණූ තරුණ මවක් සහ එම දරුවන් දෙදෙනා මිල දී ගත් කාන්තාවන් දෙදෙනකු අද (07) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

මෙම දරුවන් විකුණා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මවකි. ඇය දින 07කට පෙර නිවුන් දරුවන් බිහිකර ඇති අතර එක් දරුවකු රුපියල් 25,000.00 බැගින් ලබාගෙන විකුණා ඇතැයි ද පොලිසිය පවසයි.

එක දරුවකු මිල දී ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක්දරුවා කැලණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මිල දී ගෙන ඇත.

දරුවන්ගේ මව රාගම ප්‍රදේශයේ නිවස ගෘහ සේවයේ නිරතව සිටිය දී කොළඹ කාසල් රෝහලේ දී මේ නිවුන් දරුවන් දෙදෙනා බිහිකර ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!