30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 5,833  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 430ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,713ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 58
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 53
  • එක්ස්පෝ ලංකා සමාගම  රුපියල් මිලියන 47

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩිස්ටලරීස් සමාගම මිලියන 1.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 33%
  • ඩීපීපීඑල් හෝලිඩින් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 265
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 179

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 51ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 09ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පෑන් ඒෂීයා බැංකුව රුපියල් මිලියන 5.6
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 4.4
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 2.6

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 15
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.5
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 2.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!