29.4 C
Galle

රන් තැටි අතුරුදන් කළැයි, කතරගම ප්‍රධාන කපුවා සහ මුණුපුරා අත්අඩංගුවට ගන්න යැයි උපදෙස්

Published:

රුහුණු කතරගම මා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බැරැති රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපුවා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා අත්ඩංගුවට ගැනීට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබේ.

මෙම රන්තැටිය දේවාලයට පූජාකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ බිරිඳ විසින් ඔවුන්ගේ පුතුගේ අපල දුරුවීමට යැයි කියමිනි.

‍මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක හා එම දේවාලයේ ගබඩාව භාර කපුවා වන ප්‍රධාන කපුරාලගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවාය.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවායේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!