27.9 C
Galle

පුරාවිද්‍යාව සිවුරට බය වෙයි ? නීතිය සඟවයි

Published:

පුරාවිද්‍යා ස්මාරකවලට හානිසිදුකිරීම, එහි පෙනුව විකෘතිකිරීම, අපහාස වන ආකාරයෙන් හෝ විකෘතිවන ආකාරයෙන් ඡායාරූප ගැනීම, බුදු පිළිමවලට පිටුපස හැරවීම ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් වුව ද අවුකන බුදුරුවේ කරමත කිසිදු අවසරයකින් තොරව නැග තැඹිලි පැහැති රෙද්දක් පොරවා ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත්කරමින් එහි පෙනුම විකෘති කිරීම සම්බන්ධයෙන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ සම්බන්ධයෙන්  කලාප භාර පුරාවිද්‍යාා නිලධාරීන්ගේ වාර්තාවේ දැක්වෙන්නේ අවුකන ප්‍රතිමාවට හෝ අවට ඇති පුරාවිද්‍යා සාධඛවලට හෝ කිසිදු භෞතිික හානියක් සිදුව නැති බවයි.

පුරාවිද්‍යා නිලධාරීන් අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරික්ෂාවක් සිදු කර ඒ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරාධිපතිගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එය අනවබෝධයෙන් සිදුවූ බව එම භික්ෂුව පිළිගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!