25.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 9,757ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,085ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 80ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,793ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 206
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 93
  • ලංකා මිල්ක් ෆුඩ්ස්  රුපියල් මිලියන 78

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම මිලියන 5.5
  • බ්ලූඩයමන්ඩ් සමාගම කොටස් මිලියන 3.2
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 3.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • මුලර්ස් සමාගම (N)  10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රේණුක හෝල්ඩින් සමාගම කොටස් මිලියන 2.7ක් රුපියල් 13.10 බැගින්
  • කාර්ගීල්ස් සමාගම කොටස් ලක්ෂ 01ක් රුපියල් 350.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 274
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 179

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 76ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 98ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 26
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 06
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 20
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 17
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!