30.5 C
Galle

නායයාමකින් නිවාස 25ක් ම විනාශයි

Published:

හල්දුම්මුල්ලේ, කැලිපානාවල, අස්වැද්දුම කන්දේ විශාල නායයාමක් හේතුවෙන් නිවාස 25ක් පමණ නාය ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් නිවාස 06ක් නොපෙනී ගොස් ඇති අතර, අනෙක් නිවාස විනාශ වෙමින් පස් සමඟ පහළට රූටමින් පැමිණෙමින් තිබෙන බව ද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

මෙම කන්දේ නායයාමේ ලක්ෂණ දක්නට ලැබීමත් සමඟ එම නිවාසවල පදිංචිව සිටි  පවුල් 25ක පුද්ගලයන් 97 දෙනකු හැකි ඉක්මණින් ඉවත්කළ බැවින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.

අක්කර 30ක පමණ බෑවුම් සහිත භූමියක් අද (10) උදෑසන මෙලෙස නාය ගොස් ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.කේ.ජේ.ප්‍රියංගිකා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!