29.4 C
Galle

වැස්ස, විදුලි බිල ජනවාරි සිට වෙනස් කරයි

Published:

ඇති තරම් වැසි ලැබී ජලාශ පිරී ඇති බැවින් ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු යම් ප්‍රමාණයකින් අඩුකළ හැකිවේ යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු පවසන්නේ පුරෝකථනය වෙනස් වී ඇති බැවින් එහි සහනය ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

පහුගිය අවුරුදුවල මේ කාලයේ මෙහෙම අපිට වැසි ලැබෙන්නේ නෑ. නමුත් දැන් දිනකට අඛණ්ඩව වැසි ලැබෙනවා. ඒ නිසා අපිට වාසියක් වෙලා තියෙනවා. ජල විදුලිය උපරිමයෙන් පාවිච්චි කිරීමට හැකියාව ලැබී තිබෙනවා. අපේ තියෙන ගල් අඟුරු බලාගාර, එහෙම නැත්නම් දැවිතෙල්, ඩීසල් බලාගාර නවත්වා දැමීමට හැකියාව ලැබී තිබීම අපිට වාසියක්. අප්‍රේල් මාසයේ තමා ඊළඟ සංශෝධනය යෝජනා වෙලා තිබුණේ. නමුත් අපි රජය තීන්දුවක් ගත්තා මේ පුරෝකථන වෙනස්වෙලා තියෙන නිසා, වාසියක් අපිට පෙනෙන නිසා ඒ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදෙන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 31 වනදා අපේ ශේෂ පත්‍රය අවසන් වුණාට පස්සේ ජනවාරි මාසයේ මැද කාලය තුළ නැවත වතාවක් ගාස්තු සංශෝධනයක් කරන්න. අපිට දැනට පේනවිදියට ඒ ගාස්තු සංශෝධනය තුළ මේ තියෙන ගාස්තු ක්‍රමය තව අඩුකරන්න පුළුවන් කියලා පේනවා. මම ඉක්මන් වෙන්නේ නෑ. .තියෙන දත්ත හා ඒ තොරතුරු ලබාදිය යුත්තේ විදුලිබල මණ්ඩලය හා ඒ පුද්ගලයන්.”

Related articles

spot_img
error: Content is protected !!