26.2 C
Galle

සිසුවකුට කෲර ලෙස සැළකූ විදුහල්පතිනියට අධිකරණයෙන් දුන් දඬුවම

Published:

දරුවකු කෲරත්වයට පත්කළ විදුහල්පතිනියක විසින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම දරුවාට ගෙවිය යුතු බව අධිකරණය තීන්දු කර තිබේ. ඒ අදින් වසර 10කට පෙර වූ සිද්ධියක් පදනම් කරගෙන පැවැති නඩු විභාගයක දී විදුහල්පතිනිය වරදකරු කරමිනි.

මෙම දඬුවම ලැබී ඇත්තේ කළුතර දොඩන්ගොඩ පාසලේ විදුහල්පතිනිය ලෙස සේවය කළ සරෝජිනී නිර්මලා කොතලාවල නැමැති අයකුටය. එවකට වයස අවුරුදු 15ක් වූ සිසු දරුවකු වෙසක් පහන් කූඩු තරඟයක් ජයග්‍රහණය කර දිනාගත් මුදල් චෙක්පත සහ සහතිකය තමන්ට ලබාගැනීමට විදුහල්පතිනිය ඉඩ නොදුන් බව සිසුවා පාසලේ දී ප්‍රකාශ කර තිබිණි.

මෙම සිද්ධියෙන් පසු අනෙක් ගුරුවරු ද සිසුවා නොසළකා හැර ඇති බව නඩු විභාගයේ දී තහවරු වී තිබිණි.

තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරයා පවසා ඇත්තේ මෙම වරදට විදුහල්පතිනිය සිරගත කළ හැකි වුව ද අධ්‍යාපන ක්ෂේත්‍රයට කර ඇති මෙහෙවර සළකා ලිහිල් දඬුවමක් නියම කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!