26.7 C
Galle

දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම්

Published:

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා තබාගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීන්දු කළේය.

එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම ලබාදෙන ලදී.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැති අයෙකු විසිනි.

2010 දී වූ මෙම සිද්ධියට වගකිව යුතුයැයි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි එවකට පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්,  විශ්‍රාමික හමුදා සැරයන් මේජර් අජිත් වනසුන්දර ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට 11, 12(1), 13(1) සහ 13(2) යන වගන්ති උල්ලංගනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

මෙහිදී,  සරිතා ද ෆොන්සේකා, තිළිණි විදානගමගේ සහ විරාන් කොරයා යන නීතීඥවරු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර එස්.එස්.සී ඉඳුනි පුංචිහේවා පොලිසිය සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ ය.

Related articles

spot_img
error: Content is protected !!