26.7 C
Galle

මොරගහකන්ද ව්‍යාපෘති සේවකයන් අතර ගැටුමකින් අයෙක් මරුට

Published:

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ සේවකයන් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී තිබේ.

පොලිසිය පවසන්නේ පිහි ඇනුමක් හේතුවෙන් එක් සේවකයකු බරපතල තුවාල සහිතව එම ස්ථානයේ ම මියගොස් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!