26.7 C
Galle

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉමියුනෝග්ල‍ොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!