27 C
Galle

කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 7,623ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 566ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,612ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 43
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 41
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 36

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොටගල වැවිලි සමාගම සමාගම මිලියන 6.5
  • බ්‍රවුන්ස් ‍ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.7
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 3.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • යූබී ෆිනෑන්ස් සමාගම 16%
  • ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම 12%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 271
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 177

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 52ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 12ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 13
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 06
  • අම්බන් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 17
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!