24.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 6,515ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,056ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 08ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,603ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පො‍හොර සමාගම (N) රුපියල් මිලියන 4,055
  • ඇග්ස්ටාර් පො‍හොර සමාගම (X) රුපියල් මිලියන 209
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 207

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම මිලියන 271
  • ඇග්ස්ටාර් පොහොර සමාගම (X) කොටස් මිලියන 17
  • ආගරපතන වැවිලි සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් සමාගම (X) 50%
  • ඇග්ස්ටාර් පොහොර සමාගම (N) 11%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 268ක් රුපියල් 15.00 බැගින්
  • ඇග්ස්ටාර් පොහොර සමාගම (X) කොටස් මිලියන 17ක් රුපියල් 12.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 623,000ක් රුපියල් 164.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 02ක් රුපියල් 71.00 බැගින්
  • ආගරපතන වැවිලි සමාගම කොටස් මිලියන 8.1ක් රුපියල් 7.60 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 272
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 61ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 82ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 19
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 16

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 17
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!