27.8 C
Galle

සාගල, අකිල, රවී ඇතුළු පිරිසකට එජාප නායකත්වය දෙයි

Published:

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන අතර එම නව නායකත්ව මණ්ඩලයට, සාගල රත්නනායක, අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක ඇතුළු පිරිසක් පත්කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන අයකු පත්කිරීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට වාර්තාවන පරිදි නව නායකත්ව මණ්ඩලය පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල වි‍රාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ රවී කරුණානායක යන අයගෙන් සමන්විත වෙයි.

පක්ෂය සම්න්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ සහ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම නායකත්ව මණ්ඩලයට පැවරෙයි.

Related articles

spot_img
error: Content is protected !!