27.3 C
Galle

රටට ම විදුලිය අහිමිවීමේ වරද කාගේදැයි අනාවරණය වෙයි

Published:

පසුගිය දා රට පුරාම පැය 07කට ආසන්න කාලයක් විදුලිය නොමැතිවූයේ විදුලි බල මණ්ඩලයේ සැළසුම්වල වරදින් යැයි අනාවරණය වී තිබේ.

කොත්මලේ සිට බියගම දක්වා විදුලිය රැගෙන එන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණුසැර වැදීමෙන් එම සැපයුම ක්‍රියාවිරහිත වී මෙම තත්වය උදා වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

එවැනි අකුණුසැර වැදීමක් හමුවේ විදුලිය විසන්ධිවීම වැළැක්වීම සඳහා කල්තියා පියවර නොගැනීම නිසා එහි වගකීම විදුලි බල මණ්ඩලය විසින් දැරිය යුතුය

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු කියාසිටියේ විදුලිබල මණ්ඩලය එවැනි තත්ත්වයක් වැළැක්වීමට පියවර නොගැනීමේ වරද පිළිගත් බවයි.

කෙසේ වෙතත්, අකුණු මඟින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා උසස් ක්‍රමවේද ස්ථාපනය කිරීමට විදුලි බල මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඔහු පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!