27 C
Galle

කතරගම කපුවා, ඇප මත මුදාහරී

Published:

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ පුතකුට සිදුකරන ලද භාරයක් වෙනුවෙන් කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතරගම ප්‍රධාන කපුවා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා අද (27) නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ සොමිපාල ටී.රත්නායක නමැති ප්‍රධාන කපුවා ය.

අද උදෑසන කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා ද මීට පෙර දිනක දී ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

මෙම රන්තැටිය අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රධාන කපුවාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී කියා තිබිණි.

ප්‍රධාන කපුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබුණේ ද අධිකරණයට පැමිණ තිබුණේ ද රෝද පුටුවක ආධාරයෙනි.

Related articles

spot_img
error: Content is protected !!