28 C
Galle

තෙල් සහ ගෑස්වලට, VAT එකතුකළ විට සිදුවන දේ මෙන්න

Published:

තෙල් සහ ගෑස් සඳහා වැට් බද්ද එකතු කිරිමේ දී ඉන් වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා පවසයි.

ඇය මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ දී පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

ඉන්ධන සඳහා 18%ක වැට් බද්ධ එකතුවන විට වරාය හා ගුවන්තොටුපොළ බද්ද 7.5% ඉවත්කිරීමට නියමිතය. එමෙන්ම ගෑස් සඳහා 18%ක වැට් බද්ද එකතුකරන විට ඉන් වරාය හා ගුවන්තොටුපොළ බද්ද 2.5% ඉවත් කිරීමට නියමිතය.

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 01 වැනි දා සිට වැට් බද්ධ එකතුකරන බැවින් ඒවායේ මිල ඉහළයාමට ද නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!