28.1 C
Galle

සූකර උණ සහිත මස් තොගයක්, ශ්‍රී ලංකාවට ගෙන්වලා

Published:

චීනයේ සිට මෙරටට ගෙන්වූ සොසේජස් ඇතුළු, මස් නිෂ්පාදන තොගයක සූකර උණ ඇතිකරන ‍වයිරසය (African swine fever virus) අඩංගු වූ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධයක්ෂ වෛද්‍ය සංජික පෙරේරා පවසයි.

මෙම මස් නිෂ්පාදන තොගය මේ වනවිට විනාශ කර තිබේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව උත්සව කාලයේ දී විකිණීම සඳහා මෙරටට ගෙන්වා ඇති මෙම මස් නිෂ්පාදන තොගය වැලිසර පිහිටි ආයතනයක ශීත ගබඩාවක තිබිය දී සොයාගෙන ඇත.

මෙම මස් නිෂ්පාදන තොගයට, ශීතකරන ලද නැවුම් තාරා මස් කිලෝ ග්‍රෑම් 2,560ක්, කුකුළු මස් කිලෝ ග්‍රෑම් 171ක්, තායිවාන් ග්‍රිල් සොසේජස් කිලෝ ග්‍රෑම් 56ක්, තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132ක්, ඌරු මස් කිලෝ ග්‍රෑම් 20ක් සහ ස්වීට් කෝන් රෝල් සොසේජස් කිලෝ ග්‍රෑම් 288ක් ඇතුළත් බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පශු සම්පත් ක්ෂේත්‍රයේ පර්යේෂකයන් පවසන්නේ සූකර උණ මිනසුන්ට සෘජුව බලපෑමක් නැතත් මෙම මස් තොගය සමාජයට මුදාහැරියේ නම් මෙරට ගොවිපොළ සතුන් අතර එය සූකර උණ වසංගත තත්වයෙන් පැතිර ගොස් මෙරට ඌරු ගොවිපොළ විනාශ වී යා හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!