31.6 C
Galle

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදේ භූමිකම්පාවක්. සුනාමි අවදානමක් නෑ

Published:

ශ්‍රීලංකාවට ගිනිකොණ දිගින් සුමාත්‍රා දූපත් අසළ අද (30) ශ්‍රී ලංකා‍ වේලාවෙන් උදෑසන 10.9ට රිච්ටර් මාපක 5.9ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. උතුරු සුමාත්‍රාවට බටහිර දෙසින් මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇත.

මෙම භූමිකම්පාවෙන් සුනාමි තත්වයක් ඇතිවිය නොහැකි බව ද භූ විද්‍යාඥයෝ කියති. සුනාමි තත්වයක් ඇතිවීම සඳහා සම්පූර්ණවිය යුතු ප්‍රධාන සාධක තුනෙන් මෙම භූමිකම්පාවේ දී දක්නට ලැබෙන්නේ මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිදුවීම යන සාධකය පමණි.

සුනාමි තත්වයක් ඇතිවීමට නම් රිච්ටර් මාපක 7.0 ඉක්මවූ ප්‍රබල භූමිකම්පාවක් මුහුදු පත්ලේ අඩු ගැඹුරකින්  සිදුවිය යුතු අතර එම කම්පනය පොළොවේ සිරස් අතට සිදුවිය යුතුය. සිරස් අතට කම්පනයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ අනුව මෙම භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නොමැත.

Related articles

spot_img
error: Content is protected !!