30.5 C
Galle

සරම්ප පැතිරීම වේගවත් වෙලා. වහාම එන්නත්කරණයට යොමුවෙන්න

Published:

කොරෝනා රෝගයට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගය පැතිරෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී.පෙරේරා පවසයි.

සරම්ප මෙරටින් තුරන්කර දැමූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ ලබා දී තිබිණි. නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගීන් බහුල වශයෙන් වාර්තා වෙමින් තිබේ.

වෛද්‍යවරු පවසන්නේ සරම්ප ඇතිකරන වයිරසය විනාඩි 09ක් තුළ දී එක් ආසාදිතයකුගෙන් තවත් දෙදෙනකුට බෝවිය හැකි බවයි.

‍සරම්ප සඳහා ලබාදෙන එන්නත ලබා නොගත් දරුවන් හැකි ඉක්මණින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හෝ රෝහල් මගින් හෝ සරම්ප සඳහා ලබාදෙන එන්නත ලබාගැනීමට යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!