30.5 C
Galle

ගෑස් මිල කලින්ම වැඩිකරයි

Published:

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරන ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල හෙට (01) උදෑසන සිට වැඩිකරන බව එම සමාගම පවසයි.

සාමාන්‍යයෙන් මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදුකරන්නේ සෑම මාසයක ම 04 වැනි දා ය. නමුත් වැට් බදු වැඩිවීම හේතුවෙන් මිල සූත්‍රය අනුව මිල අසමතුලිත විය හැකි බැවින් මෙලෙස හෙට (01) උදෑසන සිට මිල වැඩිකරන බව එම සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ ලෝක වෙළෙඳ පෙ‍ාළෙහි ගෑස් මිල ඉහළ ගිය ද උත්සව කාලය හේතුවෙන් ගෑස් මිල ඉහළ නොදැමූ බවයි. ඒ අනුව ලබන 04 වැනි දා මධ්‍යම රාත්‍රියේ දී ද මිල සූත්‍රය අනුව ගෑස් මිල වැඩිවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!