29.4 C
Galle

මෙරට සිටි වයස්ගත ම පුද්ගලයා, දිවි සැරිය නිමා කරයි

Published:

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නම්කර තිබූ මාගල කොට්ටච්චි නන්දියෙස් 11 වැනි දා සවස මියගොස් ඇතැයි වාර්තා වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කැප්පිටියාගොඩ පදිංචිව සිටි ඔහු මියයන විට 109 වැනි වියේ පසුවිය. ඔහු සතුව තිබූ පැරණි ජාතික හැඳුනුම්පතේ සඳහන්ව ඇත්තේ හෙතෙම 1914 වර්ෂයේ ජුනි 03 වැනි දා උපත ලබා ඇති බවයි. දරුවන් 04 දෙනකුගේ පියකු වූ නන්දියෙස්ගේ අවසන් කටයුතු අද (13) සවස බද්දේගම ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!