29.4 C
Galle

පාසල් දරුවන් තිදෙනකු, කළුගඟට බිලිවෙයි

Published:

කළුගඟේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනකු සහ සිසුවකු අද (14) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15 සහ 16 වයස්වල පසුවන සිසුවියන් දෙදෙනකු සහ 17 හැවිරිදි සිසුවෙකි.

එක් සිසුවියකගේ මවගේ උපන්දින සැමරුමක් වෙනුවෙන් ඔවුන් මෙලෙස කැලීඩෝ වෙරළේ විනෝද වීම සඳහා ගොස් ඇති අතර පළමුව මුහුදේ නා ඇත. ඉන් පසු එක් සිසුවියකගේ ඉල්ලීම අනුව කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟට දිය නෑමට ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර  සහ  දොඩංගොඩ රතුකුරුස නිවාසවල පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති තිදෙනෙකි.

මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බව ද පොලිසිය කියයි.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!