27.4 C
Galle

හත් හැවිරිදි දැරියකට අතවර කළැයි, පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට

Published:

ඇතිමලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක පාසල් දැරියකට අතවර කළැයි සැකපිට වයස අවුරුදු 15ක සහ 16ක පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.

අතවරයට පත් දැරියගේ මව කොළඹ රැකියාවක නිරතව සිටිය දී දැරැය සිය අත්තම්මා භාරයේ සිටිමින් පාසල් ගොස් ඇත.

එම දැරියට පිරිමි ළමයකුගෙන් කරදරයක් වී ඇතැයි මවට සහෝදරියකගෙන් ලැබුණු තොරතුරකට අනුව කරුණු සොයා බලා ඔක්තෝබර් මාසයේ සිට වරින් වර අතවර කළ පිරිමි ළමයකු සහ පසුගිය ජනවාරි 13 වැනි දා අතවර කළ පිරිමි ළමයකු පිළිබඳ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලිසිය සැකකාර පිරිමි ළමුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!