26.8 C
Galle

සියලු රෝහල්වලට, හමුදාව කැඳවයි

Published:

රටපුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට මෙම පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.

වෛද්‍යවරු හැර සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 72ක් අද (16) උදෑසන 6.30 සිට පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000.00ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!