31.1 C
Galle

ලොව විශාලතම මගී නෞකා‍ව මංගල ගමන අරඹයි

Published:

ලොව විශාලත ම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” සිය පළමු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් විශාල මෙම නෞඛාවේ ගමන් කළ හැකි සංචාරකයන් සංඛ්‍යාව 7,600කි. මහල් 20කින් සමන්විත පාවෙන හෝටලයක් මෙන් දිස්වන මෙම නෞකාව දිගින් මීටර 365ක් වන අතර පිහිනුම් තටාක 07කින් ද සමන්විතය.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට අදාළ නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර, දින 07ක් කැරබියන් දූපත් ආශ්‍රිත ව සිය මංගල ගමන සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!