31.1 C
Galle

මොනාලිසාට, සුප් ප්‍රහාරයක් (වීඩියෝ සහිතයි)

Published:

ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා චිත්‍රයට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී සිතුවම් කරන ලද මෙම චිත්‍රය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

වෙඩි නොවදින වීදුරු ආවරණයකින් ආරක්ෂා කර ඇති මෙම සිතුවමට සුප් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විරෝධය පළකරන කාන්තාවන් දෙදෙනකු විසිනි.  

වීදුරු ආවරණය හේතුවෙන් සිතුවමට හානියක් සිදුවීමට ඉඩක් නැතැයි කෞතුකාගාර බලධාරීන් පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!