31.1 C
Galle

ඇමෙරිකාවෙන්, සිරියාවට ප්‍රහාර

Published:

ඇමෙරිකාව සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනකු මියයාමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ප්‍රහාර ආරම්භ කර ඇත.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි නැගෙනහිර සිරියාවේ ප්‍රහාරවලින් ඉරාන හිතවාදී සටන්කරුවන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර 165කට වඩා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!