26.5 C
Galle

පාසල් සිසුවකුට අසැබි දර්ශන පෙන්වූ ගුරවරයා රිමාන්ඩ්

Published:

පාසල් සිසුවකුට නිරුවත් ඡායාරූප සහ ලිංගික දර්ශන පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තෙල්දෙණිය කලාපයේ පාසලක ගුරුවරයකු හෙට (19) දක්වා රිමාන්ඩ් කරන්න යැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ 53 හැවිරිදි ගුරුවරයෙකි.

පසුගිිය 07 වනදා සහ 09 වනදා පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට 12 හැවිරිදි පාසල් සිසුවකු දෙමාපියන් සමඟ පැමිණ තෙල්දෙණිය පොලීසියට පැමිණිලි කර තිබිණි.

දරුවාගේ පැමිණිල්ලට අනුව පාසලට පැමිණි පොලිසිය තොරතුරු තාක්ෂණ කාමරයේ තිබූ අදාළ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම සැකකාර ගුරුවරයා තවත් 12 හැවිරිදි සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය අසළ ඇති පඳුරු සහිත ස්ථානයකට ද රැගෙන ගොස් ඇති බවයි.

එහිදී බිම තිබූ බෝතල් කටුවකට එම සිසුවාගේ අත කැපී තුවාල වී ඇති බව එම සිසුවාගේ මව පොලීසියට ප්‍රකාශ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!