26.5 C
Galle

ශානිගේ ආරක්ෂාව ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි

Published:

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකරට විශේෂ පොලිස් බළකා ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපපත් කරන ලෙස අභියාචනාධිකරණනයට නීතිපතිවරයාට නියෝග කළේය.

එ‍ම නියෝගය කරන ලද්දේ රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර ගොනුකර තිබූ රීට් පෙත්සමක් සළකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙනී සිටියේය.

 නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්  ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය පෙනී සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!