29.4 C
Galle

ලොව ලොකුම සර්ප විශේෂය හමුවෙයි

Published:

ලොව මෙතෙක් වාර්තා වී තිබූ සර්ප විශේෂවලට වඩා විශාල සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ලෝකයේ විශාලත ම සර්ප විශේෂය ලෙස හඳුනාගෙන සිටි ඇනකොණ්ඩා සර්ප විශේෂයේ ම උප විශේෂයක් ලෙස මෙම නව සර්ප විශේෂය හඳුනාගෙන ඇත.

විද්‍යාඥයන් පවසන්නේ එම සර්ප විශේෂයේ වැඩුණු සර්පයකු මීටර 7.5ක් පමණ දිගැති වන අතර කිලෝ ග්‍රෑම් 500ක පමණ බරකින් යුතු බවයි.

ලෝක‍යේ මෙතෙක් ඇනකොණ්ඩා සර්ප විශේෂ 04ක් හඳුනාගෙන තිබිණි. ඒ අතරින් විශාලත ම වූ විශේෂය කොළ ඇනකොණ්ඩා ලෙස හඳුනවා දී තිබූ අතර මෙම නව උපවිශේෂය උතුරු කොළ ඇනකොණ්ඩා ලෙස හඳුන්වා දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!