26.8 C
Galle

අනතුරකින්, දුම්රියක් නවතී. අයෙක් මරුට

Published:

බූස්ස සහ රත්ගම අතර දුම්රිය හරස් මාර්ගයක දී අද (24) සවස යතුරුපැදියක් සමුද්‍රදේවී දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නතර වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

‍කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ යතුරුපැදිය ගැටීම හේතුවෙන් දුම්රියේ නලයකට හානි සිදුව ඇතැයි ද එය අලුත්වැඩිය කරනතුරු දුම්රිය ගාල්ල දක්වා ධාවනය කළ නොහැකි වී ඇතැයි ද ගාල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු කීවේය.

යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!