27.3 C
Galle

දේශබන්දු පොලිස්පති ධූරයේ ස්ථිර කරයි

Published:

වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්ති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය දී ඇත.

ජනාධිපතිවරයා විසින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපපත් කර තිබිණි.

එහි දී අගමැති දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට පක්ෂවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම් යෝජනාවට එරෙහිවත් ඡන්දය භාවිතා කර ඇති අතර ආචාර්ය දිනේෂා සමරරත්න සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරක ඡන්දය ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්කිරීමට සහයෝගය දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!