27.3 C
Galle

“මගේ අපේක්ෂා භංග වුණා” ඉල්ලා අස්වූ උද්දික කියයි

Published:

රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවට පැමිණි නමුත් පසුගිය සිදුවීම් නිසා ඒම අපේක්ෂා භංගත්වට පත්වූ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවමින් පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සක්‍රීය කාර්යක නියැලීමේ අවස්ථාව තරුණ නායකයෙකු ලෙස කිසිවිටකත් තමාට නොලැබුණු බවයි. තමාගේ දේශපාලන සිතුම් පැතුම් යථාර්තයක් කරගැනීම ඉතා දුෂ්කරයැයි පසක් වූ බැවින් තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ඒම ලිපියේ ඔහු පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!